Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Friday, October 14, 2016

ආර්ථික විද්‍යාව යනු කුමක්ද?




ආර්ථික විද්‍යාවේ ස්වභාවය පිළිබද සාකච්චා කිරීමේදී ආර්ථික විද්‍යාව යනු කුමක්ද වශයෙන් නිර්වචනය ඉදිරිපත් කිරීමට උත්සහ ගෙන ඇත .නමුත් නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කල හැකි වනුයේ වෙනස් නොවන දෙයකටය .එමෙන්ම නිවැරදි නිර්වචනයක් පැවතිය හැක්කේ එකක් පමණි.නමුත් ආර්ථික විද්‍යාව විෂයය වෙනස්වන සුළු ආර්ථික නිගමනයන් මත පදනම් වී විකල්ප න්‍යායයන් ගොඩ නංවමින් දිනෙන් දින පුළුල් වී ගෙන යන විෂයක් බවට පත් වී ඇති නිසා ආර්ථික විද්‍යාව ට නිර්වචන ඉදිරිපත් කල නොහැක.එම නිසා වර්තමානයේ ආර්ථික විද්යන්ච්යින් ආර්ථික විද්‍යාවට නිර්වචන අත්හැර දම වර්තමානයේ පොදුවේ පිලි ගනු ලබන්නේ ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්යන්චයින් කරන දේ වශයෙනි.මෙම පොදු පිලි ගැනීම තුලින් පෙන්නුම් කරනුයේ ආර්ථික විද්‍යාව විෂය දිනෙන් දින පුළුල් වෙමින් යන විෂයක් බවත් එයට නිර්වචන ඉදිරිපත් කල නොහැකි බවත්ය.නමුත් ධනේශ්වර ආර්ථික විද්‍යාව තුල ආර්ථික විද්යන්චයින් කීප දෙනෙක්ම ආර්ථික විද්‍යාවට නිර්වචන කිහිපයක්ම ඉදිරිපත් කර ඇත.මෙසේ නිර්වචන කිහිපයක් ඉදිරිපත් කිරීම තුලින් පෙන්නුම් කරනුයේ ද එක් නිර්වචනයක්වත්ම නිවැරදි නොවන බවයි.එමෙන්ම ධනේශ්වර ආර්ථික විද්‍යාවේ පිය වශයෙන් හදුන්වනු ලබන ඇඩම්ස් ස්මිත් විසින් 1776 දී ප්‍රකාශයට පත් කරන ලද ජාතීන්ගේ ධනය නම් කෘතියෙහි ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ ධනය පිළිබද හදාරන විෂයක් වශයෙනි.ඊට පසුව සුබ සාධන ආර්ථික විද්යන්චයින් වශයෙන් හදුන්වන ඇල්බට් මාෂල් .`A.C පිගූ යන ආර්ථික විද්යන්චයින් ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ දෛනික සුබ සාධනය පිළිබද හදාරන විද්‍යාවක් වශයෙන් අර්ථ දක්වා ඇත.ජෝන් මෙනඩ් කේන්ස් විසින් ආර්ථික විද්‍යාව යනු මුදල්,පොලිය සහ සේවා නියුක්තිය පිළිබද හදාරන විද්‍යාවක් වශයෙන් අර්ථ දක්වා ඇත.මිල්ටන් ප්‍රෙඩ්මාන් විසින් ආර්ථික විද්‍යාව යනු මුදල් පිළිබද හදාරන විද්‍යාවක් වශයෙන් අර්ථ දක්වා ඇත.එමෙන්ම ලයනල් රොබින්සන් ,ජෝන් රොබින්සන්,පොල් සැමුවෙල් සහ R.G ලිප්සි යන ආර්ථික විද්යන්චයින් හැමදෙනාම ඉදිරිපත් කරන නිර්වචනයන් මුලින්ම ලයනල් රොබින්සන් විසින් ඉදිරිපත් කරන ලදී.ඔහු දැක්වුයේ සීමිත සම්පත් සහ අසිමිත් විකල්ප වුවමනාවන් අතර සංසන්දනයක් වශයෙන් මිනිසුන්ගේ හැසිරීම විග්‍රහ කරනුයේ ආර්ථික විද්‍යාව වශයෙනි.


සම්පත් හිගකම

ධනේශ්වර ආර්ථික විද්‍යාව තුල පෙන්නුම් කරන ආකාරයට ඕනෑම ආර්ථිකයක සම්පත් ප්‍රමාණයක් පවතීන අතර එම සම්පත් සීමිත වේ.එමෙන්ම ඕනෑම ආර්ථිකයක මිනිසුන්ගේ වුවමනාවන් අසීමිත වේ.ඒ අනුව ඕනෑම ආර්ථිකයක මිනිසුන්ගේ අසීමිත වුවමනාවන් සමග සාපේක්ෂව ගත විට ඕනෑම ආර්තිකයක සම්පත් හිගකමක් පවතින බව පෙන්නුම් කරයි.සම්පත් හිගකම යන සංකල්පය නිරපේක්ෂ අර්ථයකින් යොදා ගත නොහැකි සාපේක්ෂ අර්ථයකින් යොදා ගන්නා සංකල්පයකි.එනම් සීමිත සම්පත් පමණක් සැලකිල්ලට ගෙන සම්පත් හිගකමක් පිළිබද කතා කල නොහැක.සම්පත් හිගකමක් පිළිබද කතා කල හැකි වනුයේ මිනිසුන්ගේ අසිමිත වුවමනාවන් සමග සාපේක්ෂව සැලකිල්ලට ගත විට පමණි.එනම් තිබෙන සම්පත් ප්‍රමාණයෙන් සියලුම වුවමනාවන් සපුරා ගත නොහැක.එසේ නැත්නම් තිබෙන සම්පත් ප්‍රමාණය වුවමනාවන් කිහිපයක් ඉටු කර ගැනීම සදහා යෙද වූ විට අනෙකුත් වුවමනාවන් සපුරා ගැනීමට සම්පත් නොමැති බව සම්පත් හිගකම යන සංකල්පයෙන් පෙන්නුම් කරයි.මේ ආකාරයට ඕනෑම ආර්ථිකයක මිනිසුන්ගේ අසීමිත වුවමනාවන් සාපේක්ෂව ගත් විට ඕනෑම ආර්ථිකයක මුහුණ දීමට සිදුවන මුලික ආර්ථික ප්‍රශ්නය සම්පත් හිගකම බව ධනේශ්වර ආර්ථික විද්‍යාව තුල පෙන්නුම් කරයි.මුලිකම ආර්ථික ප්‍රශ්නය වන සම්පත් හිගකම නිසා ඕනෑම ආර්ථිකයක තොර ගැනීමේ ප්‍රශනයකට මුහුණ දීමට සිදුවේ.එනම් තිබෙන සම්පත් ප්‍රමාණයෙන් කුමන කුමන වුවමනාවන් ඉටු කර ගන්නවද වශයෙන් තෝරා ගැනීමට සිදුවේ.මෙම තොර ගැනීමේදී ඕනෑම අර්තිඅකයකට පොදු මුලික ආර්ථික ප්‍රශ්න කිහිපයක් බිහිවේ.


සමස්තයක් ලෙස ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන ඇති හිග සම්පත් තම අසීමිත මිනිස් වුවමනා අතර ප්‍රමුඛතා පදනමක් මත,ප්‍රශස්ත ලෙස බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න අධ්‍යනය කිරීමයි.

0 comments:

Post a Comment